Pages

Saturday, September 17, 2016

ඕනම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත්කරගමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපිට ටිකක් වැදගත් වෙන තවත් කුඩා මෘදුකාංගයක්. අපි හැමෝම වගේ අන්තර්ජාලය හරහා චිත්‍රපට Download කරගන්නවනේ.  ඉතින් එහෙම චිත්‍රපට Download කරහම ගොඩක් කට්ටිය ෆිල්ම් එක බලන්නේ සිංහල උපසිරැසියත් එක්කනේ. ඉතින් අද දෙන්න ගෙනාවේ ඒ කට්ටියට වැදගත් වෙන මෘදුකාංගයකුයි. මේ මෘදුකාංගයේ නම තමයි " Sinhala Sub Machine ". කරන්න තියෙන්නේ වෙනත්  බාශාවක  " .srt " වර්ගයේ උපසිරැසි ගොනුවක් හොයාගෙන Sinhala Sub Machine මෘදුකාංගය හරහා Open කරගෙන " Convert " බට්න් එක ක්ලික් කරන එක විතරයි. ඊට පස්සේ උපසිරැසිය Convert වෙන්න පටන් ගන්නවා. වැඩේ වෙන්නේ " Google Translate " Tool එක හරහයි. ඒ නිසා මේ වැඩේට අන්තර්ජාල සබදතාවක් ඕණ කරනවා. තව එකක්  Google Translate හරහා පරිවර්තනය වන නිසා ඇතැම් සිංහල වචන  නම් නිවැරදිව පෙන්නුම් කරන්නේ නෑ. මෙය 350 KB තරම් වන කුඩා  මෘදුකාංගයක්. මෘදුකාංග අරගෙනම ට්‍රයි කරලා බලන්නකෝ.

 Sinhala Sub Machine මෘදුකාංගය මෙතනින් Download කරගන්න.



Mirror Link

Windows 7         /          Windows 8 / 8.1 / 10






 ඔයාලට සිංහලට පරිවර්තනට කරගැනීමට අවශ්‍ය චිත්‍රපටයේ වෙනත් උපසිරැසි ගොනුවක් සොයා ගන්න. ( උදා /- ඉංග්‍රිසි  )


* Sinhala Sub Machine මෘදුකාංගය  Open කරගෙන  " Open Subtitle " ක්ලික් කරලා සබ් එක ලෝඩ් කරගන්න.


* ඊට පස්සේ " Convert " බොත්තම ක්ලික් කරන්න. ( අන්තර්ජාලයට සම්බන්ද වී සිටිය යුතුයි. )


* මෙන්න මෙහෙම Convert වෙන්න පටන් ගනියි.


* සම්පූර්ණයෙන්ම  Convert වෙලා ඉවර උනාම " Save Subtitle " ක්ලික් කරලා සබ් එක සේව් කරගන්න.


චිත්‍රපටය නැරබීමට Media Player Classic හෝ  KMPlayer බාවිතා කරන්න.


[ මෙය 100% ක් සාර්තක ක්‍රමයක් නොවෙයි ]




0 comments:

Post a Comment

Life Is A Race

Life Is A Race