Pages

Tuesday, December 13, 2016

අද නිකුත් කිරීමට නියමිත Farcry වලටත් වඩා සුපිරියටම හදපු ශ්‍රීලංකාවේ කංඡායුධ Game එක.







මේ දිනවල හැමෝම අතර ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක් තමයි කංඡායුධ කියන්නේ.විශේෂය වන්නේ මෙය 100%ක්ම ශ්‍රීලංකාවේ නිර්මාණය කල පරිගණක ක්‍රීඩාවක්ම වීමයි.මේය මේ මස 13 දින නිකුත් කිරීමට දින යොදා ඇත.මෙය ශ්‍රීලංකා ඉතිහාසයේ බිහිසුණුම පරිගණක ක්‍රීඩාව ලෙස දැනටමත් නම් දරා ඇත.මෙය සදාහා රුපියල් 2850.00ක මුදලකට අලෙවිකිරිමට Arimac Lanka ආයතනය පවසා ඇත.අනෙක් පරිගණක ක්‍රීඩා සමග ගත් කල මෙම පරිගණක ක්‍රීඩාව ඉතාමත් සාදාරණ මිලකට අලෙවි කිරීමට ඔවුන් ක්‍රියා කොට ඇත.මෙම පරිගණක ක්‍රීඩාව අවුරුදු පහක සිට නිර්මාණය සදහා යොමු වූ බව Arimac Lanka ආයතනය පවසයි.මෙහි සියලුම Models  ශ්‍රීලංකාවේ විදියටම නිර්මාණය කොට ඇත.මෙය අපි හැමෝම දන්න හැමෝම Play කරපු Assassin Creed පරිගණක ක්‍රීඩාවට සමානකම් දක්වන අතර ඊටත් වඩා සුපිරිම පරිගණක ක්‍රීඩාවක් ලෙස හැදින්විය හැක.

බලන්න මෙම වීඩියෝ.....






මෙහි Graphic වැඩි  වුවත්  Low Graphic යටතේ වුවත් Play කිරීමටත් හැකියාවත් ලබා දී ඇත...





කංඡායුධ ප්‍රථමයෙන් වින්ඩෝස් පරිගණක සඳහා Digital downloads වශයෙන් ලබා දීමටත්, පසුව DVD Game එකක් ලෙසත්, ඉදිරියේදී Playstaion සහ X Box සඳහා නිකුත් කිරීමට නියමිතය.
ඊට අමතරව,

 For Smart Phone 

Android Version






                                   Mac OS Version



                                   Windows Version

ලෙසත් ඉදිරියේදී ලබාදීමට  කටයුතු කර ඇත.


මෙහි කතාව ගැන කියනවා නම්, අතීත ශ්‍රී ලංකාවේ වාසය කල ශක්තිවන්තයෙකුගේ වෘතාන්තයක් වටා ගෙවුණු, ත්‍රාසය සහ ක්‍රියාදාමයන් කැටි කොට ගත් ගවේශනාත්මක පරිගණක ක්‍රීඩාවකි. මෙහි ඇති විශේෂත්වය නම් මෙය ශ්‍රී ලංකාවේ නිපදවන ලද විශාලතම පරිගණක ක්‍රීඩාව වීමයි. මෙහිදී ඔබ හසුරවන්නේ අතීත ශ්‍රී ලංකාවේ විසු ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ චරිතයකි. අතීතයේ තමන් හට සිදුවූ සිදුවිමක සුළමුල සොයා යන ඔහු හට ඒ ගමනේදී විවිධාකාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවේ. මෙම ක්‍රියාවන් පසු කර ගොස් තම වෘත්තාන්තයේ අවසානයට ලග වීමට ඔහු හට විවිධ ප්‍රහේලිකා විසඳීමට, ගවේෂණයට සහ ක්‍රියාදාමයන්ට මග විවර වේ. කංඡායුධ ක්‍රීඩාවේ පදනම අතීත ශ්‍රී ලංකාවේ ජිවන රටාව වුවද, මෙහි ඇති සියලුම නම් ගම් සහ සිදුවීම් මන:කල්පිතය



මෙහි අවම සුදුසුකම් මෙසේය


OS : Windows 7, 8, 8.1,10

Processor : Intel Core 2 Duo 1.8 GHz or AMD Athlon 64 X2 2.4 GHz
RAM : 1.5 GB Video Card : 256 MB DirectX Version : DirectX 9.0


0 comments:

Post a Comment

Life Is A Race

Life Is A Race